අඳුරු, සීතල, ගුප්ත ප්‍රේමයේ
අරණ දුටු පමණින්
ජීවිතේ ගිම් නිවා සනහා
නිමා වූ සැනෙකින්
පොරෝ පහරින් සිඳ දමා
මුල් උදුරවා දමමින්
ගොඩ නැඟූ ස්නේහයේ නගරය
කෙම් බිමකි පෙනුමින්
ගැලූ උල්පත් සිඳී, කළයක
පිරී ඇත පෙම් බස්
පිය නැඟූ මාවත් පුළුල් කර
ගසා ඇත නම් පත්
වැළඳගත් බඳ උණුහුමට පෙර
හිඳී අත දුරකින්
දිරාගිය ප්‍රේමයේ දර මත
දැවෙයි ගිනි මැලයක්...
-උත්තරාදේවී-
No comments:
Post a Comment