Sunday, September 28, 2014

Gone with the Wind

You should have left me alone:
You should have let me where
I thought I belong;
But you murderer, you!
Gave me life and with the wind, gone.

-Uththara-


Monday, September 22, 2014

හිත ලැගුම්හල


අගුලු ලා ඇත මේ ලැගුම්හල 
හිස්ව ඇතිමුත්, නැවතත්.

අගුලු ලා ඇත, හිස් ලැගුම්හල...

ආ-ගිය උන් කෙටූ,
උන්ගේ මුලකුරු වලින් පිරි,
ඉරි තැලී ඇති,
සායම් පිළිස්සුණු බිත්ති...
තැනින් තැන පලුදු වී,
වැසි කලට ගලන රුහිරයෙන් පෙඟී,
පුසුඹ පහව ගොස් පුස් බැඳී ඇත.

අලුත්වැඩියාවක් අවැසිමුත් 
තවමත් ගරා වැටුණු 
පැරණි හැඩයට ලොබින් 
විඩාබර නෙතගින් බලා සිටිමි

නැවත නැවතත් හිස්වන 
මේ ලැගුම්හල දෙස...
- උත්තරා -


Wednesday, September 17, 2014

උවමනා කර තිබේ

රැයක් පාසා
පැමිණ
රමණයට සැරසෙන 
කාලයේ ගිලටීනයට හසුව හිස වෙන්ව ගිය 
අත් පා ඇති ක්වන්දයට 
හිසක්...

- උත්තරා - 




Thursday, September 11, 2014

මතක

සුළගේ පාව විත්
නාස් තුඩ පිරිමැද
ඇතුළු වී
හුස්මක මුවාවෙන්
වියළි නෙත් තෙත් කර
තෙත් දෙතොල් වියළා
මතකයේ රාක්ක පෙරලමින්
කලක තැන්පත් කළ
කැඩපතක් සොයයි
කළු-රෝස සුවඳක්...

- උත්තරා -