Friday, June 20, 2014

මදුරුවෙක් එක්ක රැයක්

දළ රිංගවිය හැකි 
සළුපටින් නොවැසුණු දශමයත් 
ඉවකර පන්නවා 
දැල තුල මා හා රැයක් ගතකර
රත් ව නෙරා  උදරය වැරෙන් ඔසවා 
දැලෙන් පිටවෙන්න දැන් 
දශමයක වුව සිදුරක් සොයන හැටි~

රැයක් පුරා සාරය උරා බිවු 
මා නොපෙනෙන ගානට,

මා බලෙන්, මගේ උවමනාවට 
දැලේ දමාගත් ගානට...

- උත්තරාදේවි -

No comments:

Post a Comment