Wednesday, April 11, 2018

logical, practical ආදරේ

 හිතක් තිබුනා...
පිරෙන්න ආදරේ. 
එකෙකුට දරාගන්න බැරි තරම් ආදරේ. 
හිතක් තිබුනා 
ඇතිවෙන්න ජීවිතේ... 
ඉරිසියා හිතෙන තරම්...ජීවිතේ. 
මොකක් කරන්නද මේ තරම් ආදරේ...
කල් ඉකුත් වෙයි නේද මේ ජීවිතේ... 
පොඩිම පොඩි හිතක 
මේ තරම් ආදරේ 
පිරුණම මොකක් කරන්නද. 
පොඩි හිතක් මේ තරම් 
රිදෙනකොට මොකක් කරන්නද...
ඒ දැනෙන දේ වෙන 
එක පන ගැහෙන හිතකටවත් තේරෙන්නේ නැතිනම් 
මොකක් කරන්නද...

ඒ නිසා, practical නිසා, logical නිසා,
සමාජයේ හිත සුව පිණිස 
සමාජයේ පවුකාරමට 
ඒ හිත මැරුණා. 

P.S. 
දැන් ඉතින් සුදු කොඩි දාලා 
profile එක සුද්ද කරපල්ලා ...

Weep, and I will carve your eyes out!

-Uththaradevi-

No comments:

Post a Comment