Moving forward in time is an illusion; LIFE exists across time and space. NOW is the magical moment where the union of the PAST, the PRESENT, and the FUTURE occurs.
Friday, April 20, 2018
එන්න
එන්න...
Eva ට
තහනම් කල
ඇපල් ගෙඩියක
රස විඳින්න
Vincent එක්ක...
Marley ගේ
දුම අස්සෙන්,
Che ගේ
සහෝදරකම
විඳින්න...
එන්න...
-උත්තරාදේවි -
Wednesday, April 11, 2018
ඇති.
උඹ ගිහින් මම තනි උනා හිතෙන
හැම වාරෙකදිම
හැම දවසකදිම
දුක අකුරු කර, අකුරු කඳුළු කර
ඇඩුවා ඇති මම
උඹටම ඇහෙන තරමට
වදයක් වෙන තරමට
මටම කියව කියව
ඇඩුවා ඇති මම
මම නොදුටු මළ සිරුරට
මම නොදුටු අළු බඳුනට
මම නොදුටු උඹේ මරණෙට
ඇඩුවා ඇති මම
ඇඩුවා ඇති මම...
-උත්තරාදේවි-
logical, practical ආදරේ
හිතක් තිබුනා...
පිරෙන්න ආදරේ.
හිතක් තිබුනා
ඇතිවෙන්න ජීවිතේ...
ඉරිසියා හිතෙන තරම්...ජීවිතේ.
මොකක් කරන්නද මේ තරම් ආදරේ...
කල් ඉකුත් වෙයි නේද මේ ජීවිතේ...
පොඩිම පොඩි හිතක
මේ තරම් ආදරේ
පිරුණම මොකක් කරන්නද.
පොඩි හිතක් මේ තරම්
රිදෙනකොට මොකක් කරන්නද...
ඒ දැනෙන දේ වෙන
එක පන ගැහෙන හිතකටවත් තේරෙන්නේ නැතිනම්
මොකක් කරන්නද...
ඒ නිසා, practical නිසා, logical නිසා,
සමාජයේ හිත සුව පිණිස
සමාජයේ පවුකාරමට
ඒ හිත මැරුණා.
P.S.
දැන් ඉතින් සුදු කොඩි දාලා
profile එක සුද්ද කරපල්ලා ...
Weep, and I will carve your eyes out!
-Uththaradevi-
Subscribe to:
Posts (Atom)
-
What would I spend my time on if I'm not spending it on love? What else would I look for if I no longer look for love? Where would my d...
-
How do I get this boulder off of my chest, my shoulder, This boulder that's daming up the creek yearning to flow ever so freely?
-
බුම්මන් ඉන්නවා අහස දැන් මුළු රෑම වලහින්නක් වගේ අඬලා... අපි ඉතින් බලන් ඉන්නවා ඕවා ඔක්කොම බත් හැලිය ඉදෙනකම් විතරක් හින්ද. ඕවා ඔක...