Friday, October 10, 2014

කලක වෙඩරු පිඩක් සේ මෙලෙක්ව, දියවී ගොස්, යලි පියවි හැඩයට එන්නට පෙර ගල් වූ...අබ්බගාත හිත



කාලයේ ඉවසීම
තිබුණි නම් එකල මට,

මට තිබුණු තදියමම
තිබුණි නම් කාලයට,

කාලයට හා සමව
සම වැදී එකම මඟ

මඟ නොරැඳී ගොසින් අද
අද අබ්බගාත හිත...


-උත්තරාදේවි-

Sunday, October 5, 2014

L.O.V.E



A big hollow pot
with a cracked bottom
we painstakingly fill,
under the heat and the chill
with melted smiles, and frozen tears,
warm memories, and cold fears
with liquidized memories,
and drizzling comforting dreams...

Yet,

Nothing remains, not one...
Never fills full, not once... 

Toil and sweat, you can never stop;
It eternally leaks, drop by drop.

-Uththaradevi-


Sunday, September 28, 2014

Gone with the Wind

You should have left me alone:
You should have let me where
I thought I belong;
But you murderer, you!
Gave me life and with the wind, gone.

-Uththara-


Monday, September 22, 2014

හිත ලැගුම්හල


අගුලු ලා ඇත මේ ලැගුම්හල 
හිස්ව ඇතිමුත්, නැවතත්.

අගුලු ලා ඇත, හිස් ලැගුම්හල...

ආ-ගිය උන් කෙටූ,
උන්ගේ මුලකුරු වලින් පිරි,
ඉරි තැලී ඇති,
සායම් පිළිස්සුණු බිත්ති...
තැනින් තැන පලුදු වී,
වැසි කලට ගලන රුහිරයෙන් පෙඟී,
පුසුඹ පහව ගොස් පුස් බැඳී ඇත.

අලුත්වැඩියාවක් අවැසිමුත් 
තවමත් ගරා වැටුණු 
පැරණි හැඩයට ලොබින් 
විඩාබර නෙතගින් බලා සිටිමි

නැවත නැවතත් හිස්වන 
මේ ලැගුම්හල දෙස...
- උත්තරා -


Wednesday, September 17, 2014

උවමනා කර තිබේ

රැයක් පාසා
පැමිණ
රමණයට සැරසෙන 
කාලයේ ගිලටීනයට හසුව හිස වෙන්ව ගිය 
අත් පා ඇති ක්වන්දයට 
හිසක්...

- උත්තරා - 




Thursday, September 11, 2014

මතක

සුළගේ පාව විත්
නාස් තුඩ පිරිමැද
ඇතුළු වී
හුස්මක මුවාවෙන්
වියළි නෙත් තෙත් කර
තෙත් දෙතොල් වියළා
මතකයේ රාක්ක පෙරලමින්
කලක තැන්පත් කළ
කැඩපතක් සොයයි
කළු-රෝස සුවඳක්...

- උත්තරා -


Thursday, August 21, 2014

ස්නේහයේ නගරය

අඳුරු, සීතල, ගුප්ත ප්‍රේමයේ 
අරණ දුටු පමණින් 
ජීවිතේ ගිම් නිවා සනහා 
නිමා වූ සැනෙකින් 
පොරෝ පහරින් සිඳ දමා 
මුල් උදුරවා දමමින් 
ගොඩ නැඟූ ස්නේහයේ නගරය 
කෙම් බිමකි පෙනුමින් 

ගැලූ උල්පත් සිඳී, කළයක
පිරී ඇත පෙම් බස්
පිය නැඟූ මාවත් පුළුල් කර
ගසා ඇත නම් පත්
වැළඳගත් බඳ උණුහුමට පෙර
හිඳී අත දුරකින්
දිරාගිය ප්‍රේමයේ දර මත
දැවෙයි ගිනි මැලයක්...

-උත්තරාදේවී-