කවි පොලොව ඉරි තලා
ඉඩොරේක හැඩ අරන්
හිත කැඩී වෑස්සුනු
දුක් ගඟුල් නැති කමින්
සන්තුෂ්ටියේ රශ්මි
ධාරාව උනුහුමින්
හිත් නිම්නයම වෙලා
එකළු කර ඇත පෙමින්
සොයන්නෙමි කළඹවා
සිවු දිගම එක සැනෙන්
හමුවේද නොදනිම්
කිසිදාක කොතනින්
දුකක් මිස කවිකමට
රුකුල් දෙන හිනාවන්
-උත්තරාදේවි-
No comments:
Post a Comment