මේක මහා අමුතු හැඟීමක්. ඔලුවේ තිබුනට මට ලියන්න ඕනේ කියල, මට තේරෙනවා මගේ අතුලාංතයම පිරිලා තියෙන්නේ මොකක්දෝ ලොකු හිස්කමකින් කියල. හිස්කමකින් උනත් 'පිරිලා' තියෙන හින්ද මට හිතෙනවා වෙන්න පුළුවන් ලියන්න ගොඩක් දේවල් තියෙනවා කියල. ඔබට තේරෙනවද මම මේ හැඟීමට 'අමුතු' එකක් කිවුවේ ඇයි කියල?
ඔබට තේරෙනවා. මට ලියන්න ඕනේ මගේ ඔලුවේ තියෙන බහුබූත ඔක්කොම. මට ඕනේ ඒ බහුබූත ඔක්කොම කියවන එකෙක් දෙන්නෙක්. මහා ලොකු සේනාවක් නෙවෙයි: එකෙක්, දෙන්නෙක්. ඒ එකා දෙන්න එක්ක මට කතා කරන්න ඕනේ. මට හිතෙනවා එහෙම උනොත් තමයි මට මේ ඉන්න තැනින් තව අඩියක් උඩට තියන්න පුළුවන් කියල. එහෙම තමයි මට ලොකු වෙන්න පුළුවන් වෙන්නේ. මම තවම පොඩි එකෙක්... තව එකෙක්ගේ උදවුව නැතුව මම ලොකු වෙන්නේ නෑ. මහා ලොකු උදවුවක් ඕනේ නෑ මට. මම හිතන, කතා කරන පරාසය පළල් කරන එක කරොත් ඒ හොදටම ඇති. මට පුළුවන් ලොකු විශ්වාසයකින් කියන්න ඒ කතා බහේදී මට විතරක් නෙවෙයි මෝක්ෂය හම්බවෙන්නේ කියල. ඒක ද්විපාර්ශවියයි. ඔබට මෝක්ෂය නොලැබී මට විතරක් ලැබෙන්න ඉඩක් ඒ කතා බහේ නැහැ.
ඉතින් මම හොයනවා, මෝක්ෂය ලබන්න තව එකෙක් දෙන්නෙක්.
-උත්තරාදේවි-
Moving forward in time is an illusion; LIFE exists across time and space. NOW is the magical moment where the union of the PAST, the PRESENT, and the FUTURE occurs.
Sunday, September 30, 2018
Subscribe to:
Post Comments (Atom)
-
If we share the same color in this worldly rainbow swirling about in our little fishbowl precisely like those two lost souls , ...
-
උඹ ගිහින් මම තනි උනා හිතෙන හැම වාරෙකදිම හැම දවසකදිම දුක අකුරු කර, අකුරු කඳුළු කර ඇඩුවා ඇති මම උඹටම ඇහෙන තරමට වදයක් ව...
-
I can no longer hold this in not any more my head screams my heart moans hysterically my whole body aches I feel miserable Wh...

No comments:
Post a Comment